

මේ ලෝකෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිසා ලෝකයේ සිටින බුද්ධිමත්ම සත්වයා කියලා. ඔව් ඉතිං අනෙක් සත්තුන්ට මිනිස්සුන්ට තේරෙන විදිහට කථා කරන්න බෑනෙ. අනික් එක සත්තුන්ට තේරෙන්නෙත් නෑනෙ අපි මොනවද කියන්නෙ කියල. බැරි වෙලා හරි ඒ සත්තු මොකක් හරි ගැජමැටික් එකක් හදල අපි කියන දේවල් අහගෙන හිටියොත් අපි සත්තු වුනු එක පූරුවෙ කරපු පිනක් කියල හිතෙන්නත් බැරි නෑ දැං කාලෙ කථා වෙන දේවල් ඇහුවම. හරි හරි ඔය බයිලා වැඩක් නෑ. අපි බහිමු සබ්ජෙක්ට් එකට.
ඔව් අපි මින්ස්සු. ලෝකෙ ඉන්න බුද්ධිමත්ම සත්වයා. මම දැන් ලියන්න යන්නෙ මේ බුද්ධිමත්ම සත්වයගෙගෙ ඇහැ ගැන මට හිතුනු දෙයක්.
අපි විද්‍යාව ඉගන ගන්නවා. බොහෝ දුරට ඇහින් දැකල, කනෙන් අහල තමයි විද්‍යාව දියුනු කරන්නෙ. විද්‍යාවෙ ආරම්භයත් කවද හරි වෙලා තියෙන්නෙ මොනව හරි දෙයක් ඇහින් දැකල කනෙන් අහල දිවෙන් රස දැනගෙන නාසයෙන් සුවඳ ආග්‍රහනය කරලනෙ. වෙන විදිහක් නෑනෙ. කන, දිව, නාසය මට හිතෙන දේවල් බ්ලොග් එකේ දාන්න අමාරුයි. ඒවා ඔප්පු කරන්න අන්තර්ජාලයෙන් බෑ. ඔප්පු කරන්න පුලුවන් එකම දේ තමයි අපේ ඇස් දෙක.
මම බයෝ නෙ කරන්නෙ. ඒක හින්ද ප්‍රැක්ටිකල් (ප්‍රායෝගික ක්‍රියාකරකම්) වලදි තියෙනව අපේ පියවි ඇසට පේන්නෙ නැති සෛල දිහා අන්වීක්ෂයකින් බලන්න. අපි බලමු මෙතන වෙන්නෙ මොකක්ද කියලා. සෛලය අපිට පේන්නෑ. අපි මොකද කළේ සෛලෙ පේන විදිහෙ ගැජමැටික් එකක් හැදුවා. ඊට පස්සෙ ඔය ගැජමැටික් එකෙන් සෛලෙ දිහා ඇහෙන්ම බලල අපි එක එක දේවල් හොයා ගන්නවා. සෛල විතරක් නෙමෙයි. අනික් හැම දේකටම මේක අදාල යි. අපිට පේන්නැති දෙයක් අපි කොහොම හරි අපිට පේන විදිහට හදාගෙන අපි ඒක දිහා බලනවා අපේ ඇස් දෙකෙන්. අපි මේ හැම දෙයක් දිහාම බලන ඇස් දෙක 100% නිවැරදි ද? කිසිසේත්ම නෑ. අපි මොකක් හරි දෙයක් දිහා බලල කියනවා එක් රතු පාටයි නැත්තං නිල් පාටයි කියලා එහෙමත් නැත්තං කොල පාටයි කියලා. ඒත් මේක ඇත්ත ද? නෑනෙ. තියන පාට වලින් හැම එකක්ම අවශෝෂණය කර ගෙන අවශොෂණය කරගන්න බැරි දහ ජරා පාට විතරයි අපිට පේන්නෙ. ඉතිං හත්තලාමේ අපි කොහොමද කියන්නෙ අපේ ඇහින් දකින දේ ඇත්තයි කියල. ඒ වුනාට ඇස්පේන්නෙ නැති වවුලට පුලුවන් ගස් ගල් වල හැප්පෙන්නෙ නැතුව මින්ස්සුන්ටත් වඩා හොඳට ගමන් කරන්න. ඉතිං අපි දියුනුයි කියන එක ගැන ටිකක් හිතල බලන්න ඕනෙ නැද්ද?
මම පොඩි උදාහරණ ටිකකුත් හොයා ගත්තා. ඔය රූප ටික බලන්නකො. අපිට පේන දේයි ඇත්ත දේයි වෙනස් නේද? ඒ කියන්නෙ ඇහැ කියන්නෙ මායාවක්.
අපි ඇහින් දකින හැම දේම විශ්වාස කළොත් අපිට සියයට සීයක් නිවැරදි දේවල් ලැබෙන්නෙ නෑ. අපි ඇස් දෙක වහල අපේ පුංචි මොළ ගෙඩිය ඇරල යමක් දිහා බලන කොට තමයි අපිට අරිට වඩා නිවැරදි දෙයක් ලැබෙන්නෙ. ඒක හින්ද මීට පස්සෙ පාරෙයන කොට ඇස්දෙක වහගෙන මොළේ එලියට දාගෙන යාම මැනවි.
(මා මෙහි සඳහන් කළ සමහර දේවල් මගේ හිත මිත්‍රයෙකු හා මා කථා කරමින් සිටින විට ඔහුගේ කටින් පිටවූනු දේවලය. ඔහු ප්‍රමිත් රුවන්පතිරණ)